ආපදාවට පත්වූවන් වෙනුවෙන් ‘‘බලාපොරොත්තුවේ පහන්‘‘ වැඩසටහන ඇරඹෙයි

Report

ගාලු මුවදොර පිටියේදී    ‘‘බලාපොරොත්තුවේ පහන්‘‘ කොළඹ වාර්ෂික නත්තල් වැඩසටහන  ආරම්භ කර තිබේ..

මෙම අවස්ථා සදහා අගරදගුරු නිල නිවසේ ලේඛකාධිකාරී ෆ්‍රීලි මුතුකුඩ ආරච්චි පියතුමා ඇතුළු සර්ව ආගමික පූජකවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ්, කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර්, වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණි.

රටම කම්පා කරමින් යටවුණු නුවරඑළිය හිතලම යට කරලද? ආන්දෝලනාත්මක චෝදනා රැසක්

රටම කම්පා කරමින් යටවුණු නුවරඑළිය හිතලම යට කරලද? ආන්දෝලනාත්මක චෝදනා රැසක්

මෙහි අරමුණ වනුයේ ආපදාවට පත්වූවන්ට පරිත්‍යාග එක්රැස් කිරීමයි. මෙම වැඩසටහන සිදු කරනු ලබන්නේ කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් සභාව, කොළඹ නගර සභාව, වරාය අධිකාරිය සහ තවත් ප්‍රමුඛ සමාගම් කිහිපයක් සමග එක්කාසු වීමෙනි.

තවද ආපදාවට පත්වූවන් වෙනුවෙන් පහන් දල්වා සිහිපත් කළ අතර එවැනි පවුල්වල දරුවන් සිය දෙනෙකුට පාසල් උපකරණ ප්‍රදානය ද මෙහිදී සිදු කර තිබේ .

ඒවගේම නත්තල් ගීතයක් එළිදක්වන්නට මෙහිදී කටයුතු කර ඇත. 

අදත් ඩොලරය ඉහළට නව අගයන් මෙන්න

අදත් ඩොලරය ඉහළට නව අගයන් මෙන්න