පුරාවස්තු හොයන මුවාවෙන් ඉඩමක කැණීම් කළ හතරක් මාට්ටූ

Report

පුදුකුඩිඉරිප්පු – දේවී පුරම් ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉඩමක කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම, මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමට ලද තොරතුරක් මත සිදුකරන ලදී.

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

සැකකරුවන් වයස අවුරුදු 35–48 අතර වන අතර, අනුරාධපුර, ඉනාමළුව, මොරගොඩ සහ ගලේවෙල ප්‍රදේශවල පදිංචි වෙති. සැකකාරියන් අවුරුදු 36 සහ 45 අතර වන අතර මඩාටුගම සහ දේවී පුරම් ප්‍රදේශවල පදිංචි වෙති.

පුදුකුඩිඉරිප්පු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

මේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

මේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ දැනුම්දීමක්