ඔයා විටමින් D ගැන මේ දේවල් දැනගන හිටියද
ඔයාටත් සමහර විට ඩොක්ටර් කියලා තියෙන්න පුළුවන් විටමින් D ඔයාගේ අඩුයි කියලා.
ඒත් ඔයා දන්නවද විටමින් D කියන්නේ මොකද්ද කියලා. ඔව් අපි බලමු විටමින් D කියන්නේ මොකද්ද කියලා. අපේ මේ ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂකයක් තමයි මේ විටමින් D කියන්නේ .
ඒ වගේම මේක විටමින් එකක් වගේම හෝමෝනයක් විදිහටත් ශරීරයේ ක්‍රියා කරනවා.
ඉතිං මේ විටමින් D ප්‍රධානම කාර්යයක් තමයි අපි කන කෑමවල තියෙන කැල්සියම් ශරීරයට උරාගන්න උදව් කරනවා. ඔයාගෙ අස්ථි ශක්තිමත්ව තියන්න මේ විටමින් D වගේම කැල්සියම් උදව් වෙනවා.
ඒ වගේම ඔයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිවැරදිව ක්‍රියාකරී වෙන්නත් විටමින් D හේතුවක් වෙනවා.
ඔයාගේ මොළයේ සෞඛ්‍යය නිවැරදිව පවත්වා ගන්නත් මේ ව විටමින් D වැදගත් බව ඔබ නොදන්නවා ඇති.
ඔයාගෙ විටමින් D පෙති ලියලා දුන්නනම් අනිවාර්‍ය්න් ඒ දෙන්නේ ඔයාගේ ශරීරයේ විටමින් D මට්ටම අඩු වෙලා තියෙන නිසා ඒක හරිගස්සගන්න සහ ඒ මට්ටම පවත්වාගෙන යන්නයි.
විටමින් D ඌණතාවය ඇති වන්නේ කොහොමද ?
විටමින් D ඌණතාවය ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු සාධක දෙකක් තියනවා.
ඔබ ආහාර වේල් මඟින් හෝ හිරු එළිය මගින් ප්‍රමාණවත් කරම් විටමින් D ලබා නොගැනීම .
ඔබේ ශරීරය මගින් ප්‍රමාණවත් තරම් විටමින් D අවශෝෂණය කර නොගැනීම සහ භාවිතා නොකිරීම

විටමින් D පෙති පාවිච්චි කරන්න කලින්, ඔයාට තියෙන වෙනත් ලෙඩ රෝග හෝ සෞඛ්‍ය තත්ත්වයන් ගැන ඔයාගේ ඩොක්ටර්ට කියන්න මොකද, සමහර රෝග තත්ත්වයන් එක්ක විටමින් D පාවිච්චි කරද්දී ගොඩක් පරෙස්සම් වෙන්න ඕන.
ඔබට මේ වගේ රෝග තත්ත්වයන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඩොක්ටර්ට කියන්න: ලේ වල කැල්සියම් මට්ටම ඉහළ යාම,ලේ වල විටමින් D මට්ටම ඉහළ යාම,වකුගඩු රෝග,අක්මා රෝග,පැරාතයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග,ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ,අසාත්මිකතා.
ඒ වගේම ඔබ ගර්භණී නම් හෝ ගැබ් ගැනීමට උත්සාහ කරනවා නම්. කිරි දෙන මවක් නම් ඔයා ගන්න සමහර බෙහෙත් වර්ග විටමින් D එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ඒ නිසා, ඔයා ගන්න හැම බෙහෙතක් ගැනම ඔයාගේ ඩොක්ටර්ට කියන්න අමතක කරන්න එපා.
ඔයාට මේ විටමින් D ගැනීම නිසා අතුරු ආබාධ වෙන්නත් පුළුවන්.
ඉතිං ඔයා වහාම ඩොක්ටර්ට දැනුම් දිය යුතු අසාත්මිකතා විදිහට ප්‍රතික්‍රියා (පලු දැමීම, ඉදිමීම), ඉහළ කැල්සියම් මට්ටමක ලක්ෂණ (අධික තිබහ, ඔක්කාරය, ව්‍යාකූලත්වය) ආදිය හදුන් වන්න පුළුවන්.
ඒ වගේම සාමාන්‍යයෙන් ඔබ බිය විය යුතු නැති දේවල් වෙන්නේ මලබද්ධය, කෑම අරුචිය, ඔක්කාරය ආදියයි .
ඒ වගේම ඔයා මේ දේවල් අනිවාර්‍යෙන් මතක තියා ගන්න ඔයා විටමින් D හපලා කන පෙති හැමවිටම හොඳින් හපලා ගිලින්න .නමුත් සම්පූර්ණයෙන් ගිලින්න යන්න එපා එපා.
තවද හොඳම ප්‍රතිඵල ගන්න ඕනිනම් කිරි හෝ යෝගට් වැනි මේදය අඩංගු ආහාරයක් සමඟ බෙහෙත ගන්න උත්සාහ කරන්න.
ඔයාට මේ විටමින් D ගනිද්දී මේ ලක්ෂණ ඇති වුවොත් අනිවර්‍යෙන් වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ.
ඒ තමයි අධිකව තිබහ දැනීම, නිතර මුත්‍රා යාම වැනි ලක්ෂණ ඔයා මේ එක්ක අමතර ආහාර ගන්නවනම් ඩොක්ටර්ගෙන් අහලා ඉන්න එක ගොඩක් හොදයි.

සැමන්, ටූනා ,මැකරල් ,හුරුල්ලන්, ඉස්සන් ,බිත්තර කහ මද ,ධාන්‍ය වර්ග, ආමන්ඩ් කිරි සෝයා කිරි දොඩම් යුෂ චීස් හතු යෝගට් වගේ විටමින් D තියන ආහාර ගන්න.
මේ විදිහට ඔබ නොදත් බොහෝ කරුණු ගොඩක් මේ විටමින් D ගැන තියනවා .ඉතිං ඒ දේවල් නිවැරදිව ඉගනගන හරියටම විටමින් D පාවිච්චි කරමු.