ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍යට අසාධ්‍යයි කියන පුවතේ සත්‍යම කතාව මෙන්න
ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට ගිරිරාජ් කෞෂල්‍ය මහතා ව අපට හඳුන්වන්නට පුළුවන්. ඔහු රංගන ශිල්පියෙක් ද අධ්‍යක්ෂක වරයෙක් තිරපිටපත් රචකයෙක් ද වනවා. මෙතුමා රසික රසිකාවියන් අතර වඩාත් ප්‍රචලිත වන්නේ ප්‍රහසන රංගන ශිල්පියකු වශයෙන්.
සුහද කොකා, සිකුරු හතේ වැනි විනෝදාත්මක සිනමාපට ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ නිරතුරු ආදරණීය ප්‍රතිචාර ලබාගත් මෙතුමා පුංචි තිරයේ ටෙලි නාට්‍ය සඳහා ද ඒ අසහාය දක්ෂතාවය පෙන්නුම් කරනවා. මේ දිනවල දී ඔහුව බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් හඳුන්වන්නේ කුකුළා මුදලාලි යනුවෙනි.
කලා ක්ෂේත්‍රය තුළ සිටින ඉතාම නිහතමානී රංගන ශිල්පියෙක් වන මෙතුමා වේදිකා නාට්‍ය ඔස්සේ ද සිය අද්විතීය රංගන විලාසය පෙන්නුම් කොට තිබෙනවා. මෙලෙස ප්‍රේක්ෂකයාව විනෝදකාමීව තබන ඔහු පිළිබඳව පසුගිය දිනවල දී අසන්නට ලැබුණේ සුබදායක පුවතක් නොවේ.ඒ ඔහු මේ වන විට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන පුවතයි.
ලියුකේමියා තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සුව වී ගෙදර පැමිණි පසු ද නැවතත් රෝගය උත්සන්න වී අසාධ්‍ය තත්වයේ පසුවන බව අපට දැනගන්නට ලැබුණා. මෙය මාධ්‍ය ඔස්සේ ඉතාමත් සීග්‍ර ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් වුනා. ඉතින් මේ පිළිබඳව සත්‍යම තොරතුරු ඔහුගේ විශ්වාසවන්ත හිතවතෙකු විසින් පසුගිය දිනකදී ප්‍රකාශ කරලා තිබුණා.
ඒ මේ අයුරින්. ගිරිරාජ්ට ඔහුගේ රෝගී තත්වය හේතුවෙන් අසාධ්‍යයි කියන කතාව සම්පූර්ණයෙන් බොරු. ඔහු ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ. නමුත් සුපුරුදු විදිහට ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබනවා. නමුත් ඔහු සුපුරුදු පරිදි හිනාවෙලා කතා කතා බහ කරලා හැමෝමත් එක්කම විනෝදකාමී ව ඉන්නවා. ඔහු රංගනයෙන් ඉවත් වුණා දැන් රඟපාන්න බෑ කියලා ගොඩක් අය බොරු ප්‍රචාර යවනවා.
නමුත් ඔහු රංගනයෙන් ඉවත් වෙලා නැහැ. මේ ලෝක වසංගතය නිසා ඔහු ටික කලකට රංගන ජීවිතයෙන් ඈත්වෙලා ඉන්න තීරණය කළා. නමුත් ඔහු සම්පූර්ණයෙන්ම සුව වුවාට පසු නැවත වරක් ඉක්මනින්ම රංගන ජීවිතයට ප්‍රවිශ්ට වෙනවා
. යනුවෙන් තමයි එම ආරංචියේ සඳහන්ව තිබුණේ. ඉතින් රටක් හිනස්සන මේ ආදරණීය සහෘදයා ඉක්මනින්ම සුව වී නැවතත් රංගන ලොවට ප්‍රවිෂ්ට වන තෙක් රසිකයන් ලෙස අප සැවොම බලා සිටිනවා.
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්නJoin now |