ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය 2026 ඔක්තෝබර් 01 වැනිදා පස්වරු 4.00ට නිකුත් කරන ලදී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.