පොලිස් ස්ථාන මාරුවීම් සම්බන්ධ කොමිසමෙන් තීරණාත්මක තීන්දුවක් - SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අවලංගුයි
By Malith Madushan
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට ලබාදී තිබූ ස්ථාන මාරුවීම් පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ. ඒ අනුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා ඇතුළු නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්ද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව සඳහන් වේ.