“ගුවන් යානයේ නියමුවාට පොරවකින් පහර දුන්නාද?” - පොරව තිබූ හේතුව හෙළිදරවි කරයි

Report

ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ flydubai ගුවන් යානයකදී නියමුවෙකුට සිදු වූ බව කියන ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී, එම ප්‍රහාරය සඳහා යානයේ තිබූ හදිසි අවස්ථා පොරොවක් (crash axe) භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ආරම්භක වාර්තා අනුව ඕමාන ජාතික සහායක නියමුවා විසින් ඉන්දීය ජාතික ප්‍රධාන නියමුවා වන ස්මිත් මච්චාර්ට පිහියකින් පහර දී ඇති බවට සඳහන් වුවද, මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් වාර්තා කරන්නේ ප්‍රහාරය සඳහා ගුවන් යානයේ නියමු කුටියේ තිබූ හදිසි අවස්ථා පොරොවක් භාවිත කර ඇති බවට විමර්ශනවලදී අවධානය යොමු වී ඇති බවයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රහාරය සඳහා crash axe එකක් භාවිත කර ඇති බවයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඩුබායි සිට පිටත්ව පැය දෙකහමාරකට පමණ පසුවය.

එහිදී ගුවන් යානය අඩි 33,000ක පමණ උසක සිට විනාඩියක පමණ කාලයක් තුළ අඩි 17,000ක් දක්වා පහත වැටී ඇති බව Flightradar24 දත්ත මගින් පෙන්වා දී තිබේ.

අනතුරුව යානය ජෝර්දාන දේශසීමාව ආසන්නයේ අක්‍රමවත් වටයක් ගමන් කර ඇති අතර, පැයකට පමණ පසු සෞදි අරාබියේ ටබුක් නගරයට ගොඩබස්වා තිබේ.

ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමඟ සිදු වූ සන්නිවේදනයට සවන් දුන් පුද්ගලයෙකුට අනුව, යානය සෞදි අරාබිය සහ ජෝර්දානය දෙසින් හරවා යැවීමට සිදුව තිබූ අතර, එම අවස්ථාවේ මගීන්ගේ කෑගැසීම් ද පසුබිමින් ඇසී තිබේ.

නියමුවා වෙව්ලන හඬකින් “Mayday” යන හදිසි සංඥාව නිකුත් කරමින් යානය පැහැරගැනීමක් සිදුවෙමින් පවතින බව සඳහන් කර ඇති බව ද වාර්තා වේ.

නේපාලය යලිත් කැලඹෙයි - සෙල්ලම් බඩු වගේ ගෙවල් කඩාගෙන යයි - 30ක් මරුට

නේපාලය යලිත් කැලඹෙයි - සෙල්ලම් බඩු වගේ ගෙවල් කඩාගෙන යයි - 30ක් මරුට

යානයේ පොරොවක් තිබුණේ ඇයි?

ගුවන් යානයේ තිබූ පොරොවක් ප්‍රහාරයක් සඳහා භාවිත කළ බවට වාර්තා වීමත් සමඟ එය යානය තුළ තිබීමට හේතුව පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

ජාත්‍යන්තර ගුවන් සේවා නීති යටතේ වාණිජ ගුවන් යානාවල crash axe එකක් තිබීම අනිවාර්ය වන අතර, එය යානයේ නිෂ්පාදන ක්‍රියාවලියේදීම ස්ථාපනය කෙරේ. ගුවන් අනතුරක් සිදුවීමෙන් පසු හදිසි අවස්ථාවලදී භාවිත කිරීම සඳහා මෙම උපකරණය දශක ගණනාවක් පුරා ගුවන් යානාවල තිබී ඇත.

කෙසේ වෙතත්, 2001 වසරේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව මෙම පොරොව ප්‍රධාන මගී කුටියෙන් ඉවත් කර නියමු කුටියේ තැබීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සහායක නියමුවා පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නැහැ

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඕමාන ජාතික සහායක නියමුවාගේ අනන්‍යතාව සහ ප්‍රහාරයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත්, අදාළ සහායක නියමුවා අත්අඩංගුවට ගෙන ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. මේ අතර, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බව තහවුරු කර ඇති නමුත් වැඩිදුර තොරතුරු ප්‍රසිද්ධියට පත් කර නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන අතරතුර ඊශ්‍රායලය වෙත සහ ඊශ්‍රායලයෙන් ක්‍රියාත්මක කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව flydubai සමාගම ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ඊශ්‍රායලය තුළ ආරක්ෂක තර්ජන සම්බන්ධයෙන් දැඩි අවධානයක් පවතින පසුබිමක මෙම සිදුවීම වාර්තා වී තිබීම ද විශේෂත්වයකි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ප්‍රධාන නියමුවා ස්මිත් මච්චාර් සහ නියමු කුටියට ඇතුළු වූ මගීන් විසින් “9/11 වැනි ව්‍යසනයක්” වළක්වා ගැනීමට සමත් වූ බවයි. 

අහස් කුසේදී සිදුවූ මහා විපතක් වළක්වාගත් වීරයා - මෝදි සහ නෙතන්යාහුගෙන් ඉන්දීය කැප්ටන්ට ඉහළම ප්‍රශංසා

අහස් කුසේදී සිදුවූ මහා විපතක් වළක්වාගත් වීරයා - මෝදි සහ නෙතන්යාහුගෙන් ඉන්දීය කැප්ටන්ට ඉහළම ප්‍රශංසා