නව පරපුරේ ජනප්‍රිය තරු වන ශනුද්‍රි සහ මංචන රඟන ‘අග්නිජය’ ඔක්තෝබරයේ රිදී තිරයට [VIDEO]

Report

මෙරට තරුණ පරපුර අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ශනුද්‍රි ප්‍රියසාද් රංගනයෙන් එක්වන ‘අග්නිජය’ සිංහල සිනමාපටය එළඹෙන ඔක්තෝබර් මාසයේදී දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීමට නියමිතව තිබෙනවා.

ශනුද්‍රි ප්‍රියසාද් සමඟ මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ තාරුක මංචන පීරිස්. විශේෂත්වය වන්නේ ‘අග්නිජය’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයද ඔහු විසින්ම සිදුකර තිබීමයි.

මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය ලෙසද සැලකෙනවා. සනත් ගුණතිලක, කළණ ගුණසේකර, බිමල් ජයකොඩි, ශ්‍රියානි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, ජගත් චමිල සහ දසුනි සෙනෙත්මා ඇතුළු ප්‍රවීණ මෙන්ම තරුණ රංගන ශිල්පීන් රැසක්ද මෙම සිනමාපටයට එක්ව සිටිනවා.

ක්‍රියාදාම දර්ශන රැසකින් මෙන්ම කුතුහලය දනවන සිදුවීම්වලින් සමන්විත ‘අග්නිජය’ නැවුම් සිනමා අත්දැකීමක් ලබාදීමට සූදානම් වන බව එහි නිර්මාණකරුවන් පවසනවා. මේ වනවිට චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයද අන්තර්ජාලයට නිකුත් කර තිබෙන අතර, එය හරහා චිත්‍රපටය පිළිබඳ යම් අදහසක් ලබාගත හැකියි.

99 වැනි ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන්න ලංකාවෙන් ලලිත් රත්නායකගේ ‘රිවර්ස්ටන්’ තේරෙයි

99 වැනි ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන්න ලංකාවෙන් ලලිත් රත්නායකගේ ‘රිවර්ස්ටන්’ තේරෙයි

“මොකක්ද මේ කොළඹ 13?” - බුද්ධික ජයරත්නගේ අලුත්ම සිනමා වැඩේට වැඩ අල්ලයි

“මොකක්ද මේ කොළඹ 13?” - බුද්ධික ජයරත්නගේ අලුත්ම සිනමා වැඩේට වැඩ අල්ලයි