හිටපු ජනාධිපතිගේ ආරක්ෂකයාට පහරදුන් බව කියන කැමරා ශිල්පියාට පොලිස් ඇප
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියා පොලිස් ඇප මත මුදා හැර තිබේ.
ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති .නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී, එහි සිටි පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා විය
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.