මිල කළ නොහැකි මැණික් තුනක් STF ආරක්ෂාව මැද රැගෙන යයි.(PHOTOS)
Bank
STF Sri Lanka police
Gems
By Aruna
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ගිලා බසී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබෙන ලොව වටිනාම සහ මිල කල නොහැකි බව පැවසෙන මැණික් 03ක් පොලිස් විශේෂ කාර්‍ය බලකායේ ආරක්‍ෂාව මධ්‍යයේ ලංකා බැංකු මුලස්ථානයේ පිහිටි අධි ආරක්‍ෂිත සේප්පුවක තැන්පත් කිරීම අද(19) සිදු කෙරිණි.
එම අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන් කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දා තීරණය කිරීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ උපදෙස් පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ මේ වන විටත් ස්ථාපිත කරමින් පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
