මගේ රංගනයට අපහාස කරපු හැමෝටම මේ පාර මගේ හරිම චරිතය බලාගන්න පුළුවන්-ගයේෂා පෙරේරා (PHOTOS)

By Sithumi මාස 7 කට පෙර
Sithumi

Sithumi

Report

මගේ රංගනයට අපහාස කරපු හැමෝටම මේ පාර මගේ හරිම චරිතය බලාගන්න පුළුවන්-ගයේෂා පෙරේරා ආන්දෝලනාත්මක චරිත වලට රංගනයෙන් දායක වෙමින් කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වුණු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගයේෂා පෙරේරා කියලා කියන්නේ. 

කොහොම නමුත් ඇය දැන් විවාහ වෙලා ආදරණීය සැමියා සහ පුතා එක්ක ඇමරිකාවේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම ඇය දැන් ව්‍යවසායිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය ගැන දැන් නැවතත් කතාවෙන්නෙ පටන් අරගෙන තියෙන්නේ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වන බොහෝ වාර ගණනකදී වාරණයට පවා නතු වුණු ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය නැවත රිදී තිරය ඔස්සේ ප්‍රදර්ශනයට එක්වෙන ආරංචියත් සමගයි. 

ඉතින් එම චිත්‍රපටයේ ඇය නිරූපණය කළ වාසනා කියන තරුණියගේ චරිතය ලංකා සිනමාවේ අතිශය ආන්දෝලනාත්මක කතාබහට ලක්වූ වගේම ලංකාව වැනි සාම්ප්‍රදායික ආකල්ප රාමුව නිසා අභියෝගාත්මක චරිතයක් බවට පත්වුණා කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය එළිදැක්වීම ඉතාමත් සතුටට කාරණාවක් කියලයි ගයේෂා නම් කියන්නේ. ඉතින් හරි චිත්‍රපටය නරඹන්න දැන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබේවි කියලත් ඇය කියනවා.

මොකද පහුගිය කාලේ විවිධ අවස්ථාවල ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ කපපු කොටස් එළියට ආවත් ඒවා හරි නිර්මාණය නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් මේ වෙනකම් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ ඔරිජිනල් එක කොහේවත් එළියට ඇවිත් නැහැ කියලත් ඇය කියනවා. හැබැයි අප්‍රේල් 04 වැනිදා සිට ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ ඔරිජිනල් එක බලාගන්න පුළුවන් කියලයි ගයේෂා කියන්නේ. ඒ වගේම ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ ඇය රංගනයෙන් දායක වෙන වාසනා කියන චරිතය අභියෝගාත්මක රංගනයක් වුණා කියලත් ඇය කියනවා.

මොකද ඉස්සර කාලේ ප්‍රවීණ නළු නිළියන් එවැනි චරිත නිරූපණය කරද්දී සමාජ මාධ්‍ය දියුණු නැති වුනත් දැන් කාලේ පොඩි දේත් සමාජ මාධ්‍යවල ඉක්මනින් ප්‍රචාරය වන නිසා ඒ දේවල්වලට මූණදෙන්න ලේසි වුණේ නම් නෑ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇය හැමවේලේම හිතන්න උත්සාහ කළාලු මේක සිනමා නිර්මාණයක් බව.