ගයාත්‍රී මට කවදාවත් ඇඟිල්ල දික්කරලා නෑ’ චන්න පෙරේරා කියන කතාව (PHOTOS)

sri lanka Gossip Gayathri dias
By Sithumi Nov 24, 2021 04:06 PM GMT
Sithumi

Sithumi

Report

චන්න පෙරේරා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්රයට බොහොම වටිනා නිර්මාණ ගණනාවක් ම දායාද කරපු අපූරු රංගන ශිල්පියෙක්, චිත්රපට අධ්යක්ෂවරයෙක් විදියට හඳුනාගන්නට පුළුවන්. 

ඉතින් ඔහු කාලයක් පුංචි තිරය තුළ ආදරණීය පෙම්වතෙකුගේ චරිතය බොහොම අපූරුවට රඟ දැක්වූවා යශෝදා විමලවීර ආදරණීය රංගන ශිල්පිනිය සමඟ. කාලයක් ඔවුන් ප්රේක්ෂකයා බොහොම ආදරයෙන් අපේක්ෂා කරපු චරිත බවටත් පත්වුණා. පසුව ඔහු ”පුංචි වීරයෝ’ ටෙලි නාට්ය හරහා ටෙලි නාට්ය අධ්යක්ෂණයට යොමු වෙනවා. 

පස්සේ ‘අංජලිකා’ සිනමා නිර්මාණය ඔස්සේ ඔහු සිනමා අධ්යක්ෂණයට පිවිසෙනවා. මේ සියලු නිර්මාණය හරහා ඔහු මහත් ප්රේක්ෂක ආදරයක් ලබා ගන්නට උරුමකම් කියනවා.. ඉතින් මේ ආදරණීය රංගන ශිල්පියා අධ්යක්ෂකවරයා විවාහ වන්නේ රංගන ශිල්පිනී ගයාත්රී ඩයස් සමගින්. ඔවුන් දෙදෙනාට දියණියන් දෙදෙනෙක් සිටිනවා.මේ දිනවල නම් ගයත්රි දියණියන් දෙදෙනා සමග විදේශගතව තමයි සිටින්නේ. 

කාලයකට ඉහතදී ගයත්රි සහ චන්න පෙරේරාගේ විවාහය දික්කසාදයකින් කෙළවර කරනවා. නමුත් ඔවුන් දෙදෙනා කිසිම විටෙක ඔවුනොවුන්ට වැරදි පටවා ගන්න තත්ත්වයකට පත්වෙලා නැහැ. ඉතින් පසුගිය දවසක චන්න පෙරේරා , කැලුම් විජේසූරිය සමගින් යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධවෙනවා.

එහිදී ඡන්න ඔහුගේ කලා ජීවිතයේ කටයුතු පිළිබඳවත් පෞද්ගලික ජීවිතයේ ගයත්රි සමඟ ඇතිවුණු සම්බන්ධතාවයේ තොරතුරු පිළිබඳවත් කරුණු කාරණා කිහිපයක් සමග බෙදා හදා ගන්න වෙනවා. එහිදී ඔහු ගයත්රි පිළිබඳව සඳහන් කරන්නේ මෙන්න මේ ආකාරයට , “මොනවා උනත් ඇය මගේ දියණියන් දෙදෙනාගේ මව. හැබැයි ඇයටත් ජීවිතයක් තිබෙනවා. දැන් ඇය නීතිමය බැඳීමක් මාත් එක්ක නැහැනේ. 

දැන් ඇයව මම දකින්නේ මනුෂ්ය දුවක් විදිහට ඇයට පෞද්ගලිකත්වයක් තිබෙනවා.. ඇයට ජීවිතයේ ඕනෑම තීරණය ගන්න ඉඩ තියෙනවා. ඒ හැර ඒක මට බලපාන්නෙ නැත්නම් ඒ ගැන මම කථා කළ යුතු නැහැ. ඒක ඇගේ ජීවිතය. ඉතින් වැදගත් වන්නේ ඇය මවක් හැටියට කොච්චර මගේ දරුවන්ගේ යුතුකම් කරනවද කියන එක. ඉතින් එතන කිසි ප්රශ්නයක් නැහැ. මම හැමතිස්සෙම දන්නවා ඇය තීරණය ගනිද්දි දරුවො ගැන හිතනවා කියලා. 

ඉතින් ඒ වගේම මමත් හිතනවා ඇය මගේ දුකේදි හැමවෙලේම කතා කරනවා. මම ඇගේ දුකකදී ඇය වෙනුවෙන් පෙනී හිටිනවා .අනිත් එක තමයි මම වත් ඇයවත් කිසිම කාලෙක අපි දෙන්නව විවේචනය කරගෙන නැහැ. කිසිම පුවත්පතකවත් මාධ්යයකවත් විවේචනය කරගෙන නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery