රටටම දැනෙන්න ගැස් මිල අඩු කරයි?..අද සතුටුදායක පුවතක්..

Ceylon Petroleum Corporation Sri Lanka Litro Gas Litro Gas Price Laugfs Gas Price
By Aruna Nov 02, 2022 01:15 AM GMT
Aruna

Aruna

Report
110 Shares

රට පුරා ඇතැම් ප්‍රදේශවල නැවත වතාවක් ගෑස් හිඟයක් ඇතිවී තිබෙනවා.

විශේෂයෙන් ලිත්‍රො ගෑස් සමාගම විසින් බෙදා හරින ගෑස් වල හිගයක් ඇතිව තිබෙන බව පාරිභෝගිකයින් කියා සිටී.

මීට හේතු වී ඇත්තේ ගෑස් මිල අඩු කරන බවට ලිත්‍රො සමාගම විසින් පැවසීමත් සමග අලෙවි නියෝජිතයන් විසින් නව තොග ඇණැවුම් නොකර සිටීමට පෙළැඹීමයි.

ඔවුන් සඳහන් කරන්නේ ගෑස් මිල අඩුකිරීමෙන් පසුව නව මිල ගණන් යටතේ තොග ඇණැවුම් කිරීමට කටයුතු කරන බවයි.

මේ අනුව ලිට්‍රෝ ගෑස් කිසිඳු හිගයකින් තොරව බෙදාහැරීමට කටයුතු කරන බව එම සමාගම පසුගියදා පැවසුවා.

එහිදී, එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ගෑස් බෙදාහැරීමේ කටයුතු කෙරවලපිටියේ පිහිටි සිය අංගනයෙන් දෛනිකව සිදුකරන බවයි.

ගෑස් හිගයක් පිළිබඳ කිසිඳු බියක් ඇතිකර නොගත යුතු බව ද සභාපතිවරයා පසුගියදා සඳහන් කළා.

දිවයින පුරා ගෑස් හිගයක් පවතින බවට පුවත්පත් ඇතුළු ඇතැම් මාධ්‍ය ඉකුත් දා වාර්තා කර තිබුණා.

මේ අතර ගෑස් මිල අඩු කිරීමේ තීරණය ස්තිරවශයෙන්ම ලබන බදාදා(02) දින ප්‍රකාශයට පත්කළ හැකි බවද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පසු ගියදා කියා සිටියා.

ඒ අනුව එම මිල සම්බන්ධයෙන් ලබාදෙන තීරණය අද දිනයේ ලැබෙනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටී.

බොහෝවිට ලබන 05 වනදා ගෑස්මිල අඩු කිරීම සම්බන්ධයෙන් සතුටුදායක මට්ටමක් පවතින බවයි ඒ මහතා පසුගියදා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now