යළිත් ගෑස් හිඟයක්, මිල වැඩිවීමක්?

Litro gas
By Sithumi Nov 14, 2021 10:47 AM GMT
Sithumi

Sithumi

Report

වෙළෙඳපොළ තුළ යළිත් ගෑස් සැපයුමේ හිඟයක් පවතින බව වාර්තාවනවා. පාරිභෝගිකයන් පවසන්නේ වෙළඳපොළ තුළ ලාෆ් ගෑස් සැපයුම මුළුමනින්ම අඩාල වී ඇති අතර, ඇතැම් ස්ථානවල ලිට්රෝ ගෑස් සැපයුමේද ගැටලු පවතින බවයි. 

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය අප සිදු කළ විමසීමකදී සඳහන් කළේ, ඩොලර් අර්බුදය හේතුවෙන් යළිත් වරක් සිය නිෂ්පාදන වෙළඳපොළට ලබාදීමේ ගැටලුවක් නිර්මාණය වී ඇති බවයි. ගෑස් සැපයුමේ පවතින තත්වය සම්බන්ධයෙන් අප ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහගෙන්ද විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ, දෛනික ලිට්රෝ ගෑස් සැපයුම අඛන්ඩව සිදුකරන බවයි. කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර 75,000ක් සහ කිලෝග්‍රෑම් පහ සහ දෙකයි දශම පහ සිලින්ඩර 25,000ක් ලිට්රෝ ගෑස් පාරිභෝගිකයන් සඳහා දෛනිකව වෙළඳපොළට යොමු කෙරෙනවා. 

කෙසේ වෙතත් ලාෆ් ගෑස් සැපයුමේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මත ඉල්ලුම ඉහළ යාමෙන් ගෑස් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now