ගෑස් අනතුරු බිය පාර්ලිමේන්තුවටත්

gas gagana srilankanews srilankags
By Gagana Nov 27, 2021 08:24 AM GMT
Gagana

Gagana

Report

ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව මෑත දින කිහිපය තුළසිදුවූ අනතුරු සහ ඒ සමගම ගෑස් භාවිතය සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති බිය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් ගෑස් අනතුරු සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමගයි. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිද එම සංවාදයට මැදිහත් වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ පවතින ගැටලුව පිළිබඳ සත්‍ය හෙලිකර ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටින බවයි.

වෙළද පොලේ ඇති ගෑස් සිලින්ඩර්වල සංයුතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රසායනාගාරයක් යොමු කළ ගෑස් සිලින්ඩරයට අදාල වාර්තාව අද පස්වරුවේ තමන්ට ලැබීමට නියමිත බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී කියා සිටියේ.

බාහිර ආයතන මගින් ගෙන්වන ගෑස් ලිප් හා සිලින්ඩර්වලට අදාල උපකරණ පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා රේගුවෙන් ඉල්ලා ඇති බවද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළා.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW