ගෑස් නිසා සිදුවූ තවත් අනතුරු රැසක්

By Sithumi Dec 02, 2021 03:43 PM GMT
Sithumi

Sithumi

Report

අදත් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හා උදුන් ආශ්‍රිත පිපිරීම් පිළිබඳ සිද්ධි කිකිපයක් විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබුණි. වයෝවෘද්ධ කාන්තාවක්ද වාසය කරන නිවසක ගෑස් ලිප පුපුරා යෑමෙන් වීදුරු සහිත ජනේලයකට දැඩි අලාභහානි සිදුවූ පුවතක් අද මීගමුවෙන් වාර්තා වුණි. 

 වවුනියාව වේරගම රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියේ නිවසක ලිට්‍රො සිලින්ඩරයක් සම්බන්ධ කර තිබූ ගෑස් ලිපක් ඊයේ පස්වරුවේ පුපුරා ගොස් ඇති අතර නිවැසියන් පැවසුවේ ආහාර පිසීමෙන් අනතුරුව ලිප අක්‍රිය කර තිබියදී ගිනි දළු මතුවී ලිප පුපුරා ගිය බවය.

පුත්තලම ප්‍රදේශයේ නිවසකද ගෑස් ලිපක් පුපුරා යෑම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂාවක් ආරම්භ කර තිබුණි. නුවරඑළිය බඹරකැලේ ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ඊයේ රාත්‍රියේ පුපුරා ගොස් තිබුණේ ලිප ක්‍රියා විරහිතව තිබියදීය. කොටගල ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටරය හා සම්බන්ධ කර තිබූ බටය ඊයේ රාත්‍රියේ පුපුරා ගොස් ඉවතට විසිවූ බව නිවැසියන් පැවසීය. වාද්දුව එගොඩ මැලෑගම ප්‍රදේශයේ නිවසකත් අද උදෑසන ගෑස් උදුනක් පුපුරා ගොස් තිබුණි. 

 කින්නියා ප්‍රදේශයේ නිවෙස් 03කත් ගෑස් ලිප් පුපුරා යෑමේ සිද්ධීන් වාර්තා වී තිබුණි. මහබුත්ගමුව ප්‍රදේශයේ නිවසකත් ගෑස් ලිපක් පුපුරා යෑමක් ඊයේ පස්වරුවේ වාර්තා විය. අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ නිවසක ගෑස් උදුනක් පුපුරා ගොස් තිබුණේ අද දහවල් කාලයේදීය. බද්දේගම ගෝනපිනුවල ආපනශාලාවක ගෑස් බටයද පුපුරා යෑමේ සිදුවීමක් අද වාර්තා වුණි. මිද්දෙණිය ප්‍රදේශයේ නිවසකත් ගෑස් ලිපක් පුපුරා ගොස් තිබුණි. 

 විලච්චිය ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා යෑමේ සිදුවීමක් වාර්තා විය. කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ නිවසකට රැගෙන ආ ගෑස් සිලින්ඩරයක ප්‍රධාන වෑල්වය සවිවන ස්ථානයෙන්ම කාන්දුවක් සිදුවන බව නිවැසියන් පෙන්වාදී තිබුණි. කොට්ටාව විද්‍යාල මංසන්ධිය ප්‍රදේශයේ නිවසකට අද උදෑසන රැගෙන ආ කුඩා ප්‍රමාණයේ ලිට්‍රො සිලින්ඩරයකත් කාන්දුවීම් දක්නට ලැබෙන බව නිවෙස් හිමියා සඳහන් කළේය. 

බණ්ඩාරවෙල කිණිගම මංසන්ධියේ ආපන ශාලාවකට ඊයේ රාත්‍රියේ රැගෙන ආ ගෑස් සිලින්ඩරය කාන්දුවීමේ ලක්ෂණ ඇති බවට ආපනශාලා හිමිකරු පැවසීය. කළුතර උතුර රන්නුංගල ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයේ කාන්දුවීමක් ඇතිවී තිබුණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now