මන්ත්‍රී නිවසේත් ගෑස් පිපිරීමක් - දින දෙකකදී සිද්ධීන් 12ක් (VIDEO)

By Sewvandhi Nov 30, 2021 11:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සඳුදා (29) සහ අඟහරුවාදා (30) ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් පිපිරීම් දුසිමකට වඩා වාර්තා විය. ගාල්ල - ඉමදූව ප්‍රදේශයේ පිහිටි නිවසක නිවැසියන් රාත්‍රී ආහාරය පිළියෙළ කරමින් සිටියදී සඳුදා (29) රාත්‍රියේ ගෑස් කුකරය පුපුරා ගොස් තිබේ. කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති අතර, එක් නිවැසියෙක් කියා සිටියේ තමන්ට ඇසුණේ ශබ්ද පමණක් බවත් ගෑස් පිපිරීමට යන බවට කිසිදු හෝඩුවාවක් නොමැති බවයි.

මීරිගම - මීරිගම තිළිණගම ප්‍රදේශයෙන් තවත් ගෑස් පිපිරීමක් වාර්තා වේ. “මම කුකර් එක පත්තු කරලා තත්පරයක් එළියට බැස්සා. එකපාරටම පිපිරීමක් ඇති වුණා” යැයි නිවෙස් හිමියා  පැවසීය.

අම්බලන්ගොඩ - අම්බලන්ගොඩ නගර සභා මන්ත්‍රීනී ඉන්ද්‍රා අයිරාංගනී මහත්මියගේ මොරටුව නිවසේ ගෑස් උදුන සඳුදා (29) රාත්‍රී 10 ට පුපුරා ගියේය. එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරිය කියා සිටියේ සිදුවූයේ කුමක්දැයි තමන් නොදන්නා බවයි.

අතුරුගිරිය - අඟහරුවාදා (30) උදෑසන අතුරුගිරියේ නිවසක ගෑස් පිපිරීමක් වාර්තා විය. කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර නිවැසියන් පැවසුවේ උදෑසන තේ පානය කිරීමට ජලය උණුකරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

බිබිල - ළිඳකුඹුර, බිබිල ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් පිපිරීමක් සඳුදා (29) රාත්‍රියේ වාර්තා විය. ඇඹිලිපිටිය - ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුගොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් උදුනක් පුපුරා ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW