ගත වූ පැය 24ක් තුළ මෙරට ගෑස් පිපිරීම් 25ක්.

Accident Sri Lanka Colombo Gas blast
By Aruna Dec 16, 2021 05:23 AM GMT
Aruna

Aruna

Report

ගෑස් සම්බන්ධ සිද්ධීන් 25 ක් අද (16) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 45ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 752 ක් පොලිසියට වාර්තා වී තිබේ.

මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 90 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now