පාසල් සිසුවියක් ගෑස් ලිප දල්වද්දී පුපුරා යයි..සිදුවූ දේ මෙන්න(PHOTOS).
හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පොඩ්ලි වතු යායේ වතු නිවාසයක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ රෙගුලේටරය පුපුරාගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය.
ඊයේ (30) දින පස්වරු 5 ට පමණ මෙම පිපිරිම සිදු වි ඇති බවයි දිඹුල පොලිසිය කියා සිටියේ. ගැස් සිලින්ඩරය සහ ගැස් උදුන අතර සම්බන්ධ කර තිබු නලය කොටසක් මෙසේ පුපුරා ඇති බව පොලිසිය කියා සිටියේය.
නිවසේ සිටි පාසල් දැරියක් ගැස් උදුන දැල්විමට යාමේදි එකවරම ගෑස් නලය සහ රෙගුලේටරය පුපුරා ගොස් ඇති බවත්, ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැත.
පැතිර ගිය ගින්න පාලනය කිරිමට වතු කම්කරුවන් සමත්වි ඇත.
ගින්නෙන් නිවසේ මුළුතැන්ගෙහි තිබු උපකරණ කිහිපයක්ද පිලිස්සි ඇත.
මිට සති දෙකකට පමණ ප්‍රථම ගැස් සිලින්ඩරය කොටගල ප්‍රදේශයෙන් මිලදී ගත් බව නිවසේ හිමිකරු කියයි.
පිපිරිම සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

