මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයෙන් විශාල පිරිසකගේ රැකියා අහිමිවෙයි?..දැඩි අවධානම් තත්ත්වයක්!!.

Sri Lanka Businessman Income Tax Department Income Tax Return
By Aruna Feb 05, 2025 12:08 AM GMT
Aruna

Aruna

Report

දැනට අය කරන සියයට 30 ක ආදායම් බද්ද සමග සියයට 18 ක වැටුප් වර්ධකය හා වැට් බද්ද (18%) ගෙවීමට සිදු වුවහොත් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් 300කට අධික පිරිසකට එම කර්මාන්තයෙන් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත් මේ නිසා 350,000 කට අධික පිරිසකගේ රැකියා අවිනිශ්චිතාවකට පත්වන බව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයෙහි නියෝජ්‍ය මහලේකම් රුමේශ් පෙරේරා මහතා පවසනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් මිලියනයකට අධික පිරිසක්ද වක්‍රකාරව සේවයේ නිරතව සිටින බවයි පැවසෙන්නේ.

ඔවුන්ට ද ඝෘජුවම මෙම ගැටලුව බලපාන අතර දැනට ක්‍රියාත්මක සරල කරන ලද වැට් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගේ රජය විසින් තීරණය කර තිබුණ ද එම තීරණයට ඒකාබද්ධ ඇඟලුම් සංසදය ඇතුළුව මෙරට මහා පරිමාණයේ සිට සුළු පරිමාණය දක්වා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ දැඩි විරෝධය හේතුවෙන් එම තීරණය හකුළා ගත් බවයි ඔහු කියා සිටියේ.

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්.(VIDEO)

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්.(VIDEO)


කෙසේ නමුත්, නව රජය මේ පිළිබඳ සිය ස්ථාවර පැහැදිලි ලෙස ඇඟලුම් නිෂ්පාදකයන්ට දන්වා නොමැති බවත්, සරල කරන ලද වැට් බද්ද අහෝසි කිරීමට හැකියාවක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඇඟලුම් ක්ෂේත්‍රය තුළ පවතින තරගකාරීත්වය අධික වීමත්, කර්මාන්තකරුවන්ගේ ලාභ තීරුව සියයට 7 ත් 8 ත් අතර අගයක පැවතීම හේතුවෙන් සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින සියයට 18 ක වැටුප් වැඩිවීමක් කිසිදු ලෙසකින් ලබා දීමට සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයන්ට හැකියාවක් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

ආදායම් බද්ද එකවර සියයට 14 සිට 30 දක්වා වැඩිකර තිබෙන බැවින්, සරල කරන ලද වැට් බදු ක්‍රමය වෙනුවට වැට් බද්ද (18%) ආදේශ වුවහොත් මෙම බදු දෙකම එකවර ගෙවීමට මෙන්ම, සේවක වැටුප සියයට 18 කින් වැඩි කරන්නටද සිදුවුවහොත් සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයන්ට කර්මාන්තයෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඔහු කියාසිටියේ.

ඩොලරය රුපියලට සාපේක්ෂව අධි ප්‍රමාණය වූ කාලයේදී ඇඟලුම් අපනයනකරුවන් ඉහළ රුපියල් ආදායමක් ඉපැයීමට සමත් වූ බවත්, එම අමතර ඉපැයීම්වලින් කොටසක් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටි සේවකයන්ට සහන ලබා දීමට කටයුතු කළ බවද ඔහු ප්‍රකශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් ආදායම පෙරට වඩා අඩු වී තිබුණත් ඒම කාලවකවානුවේ දී සේවකයන්ට ලබා දුන් සහන කප්පාදු කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් කටයුතු නොකළ බවයි.

You May Like This Video


ReeCha