ඝාතනයට පෙර ගනේමුල්ල සංජීවගේ අධිකරණ ශාලාව මාරු වෙලා! ඒ තොරතුරත් ඝාතකයින්ට ගිහින්!

Sri Lanka Crime
By Gagana News Feb 24, 2025 12:30 PM GMT
Gagana News

Gagana News

Report

 පෙබරවාරි 19 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේදී වෙඩි තබා ඝාතනය කරන ලද සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයන්ට හා එහි සැලසුම්කරුවන්ට එදින අධිකරණ කටයුතු පිළිබඳ තොරතුරු පූර්වයෙන් ලැබී ඇති බවට සැක පළ කෙරේ.

ඒ, ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා එදින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 අධිකරණයේ විභාග වීමට නියමිතව තිබු ලඝු ‍නොවන පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන විත් තිබීමත්, එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා නොසිටි නිසා එම අධිකරණයේ අන් සියලු නඩු අංක 02 අධිකරණයට මාරුකර තිබීමත් සම්බන්ධවයි.

තව ද ඔහු සම්බන්ධයෙන් වෙනත් නඩුවක් ඇති අංක 05⁠ ⁠අධිකරණයට ඉදිරිපත් කිරීමත් හා ඝාතකයා නිවැරදි ලෙසම ගනේමුල්ල සංජීව විත්ති කූඩුවට කැඳවීමට පෙරම එම අධිකරණයේ නීතීඥවරුන්ට පනවා ඇති අසුනක අසුන්ගෙන සිටීමත් නිසා මෙම සැකය තව දුරටත් තහවුරු වෙයි.

මේ සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් රැක ගැනීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඉහත සඳහන් කළ තොරතුරු තහවුරු කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ එදින අංක 09 අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා නොමැති බැවින් බන්ධනාගාර නිලධාරීන් අංක 05 අධිකරණයට ගනේමුල්ල සංජීව නැමැති සැකකරු ඉදිරිපත් කර ඇත්තේ, ඔහු යළි බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය නියෝගයක් ලබා ගැනීම සඳහා බවයි.

එම අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමේදී ඔහු එම අධිකරණයට ඉදිරිපත් කළේ ඇයිද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්න කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ගනේමුල්ල සංජීව නැමැති සැකකරු අධිකරණයට රැගෙන විත් ඇත්තේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ යම් තක්සේරුවකින් පසුව බවත්, ඔහු රැගෙන ඒමේදී බන්ධනාගාර නිලධාරීන්ට අමතරව 12 දෙනෙකුගෙන් යුත් එස්ටීඑෆ් ආරක්ෂාවක් ලබාදී ඇත්තේද ඒ නිසා බවත්, එහෙත් ඔහු රැගෙන ඒමෙන් පසු යම් හේතු මත ආරක්ෂාව පිළිබඳ එම වුවමනාව ඉටු වී නැති බවත් නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කර සිටී.

අධිකරණයක් තුළ රතිඤ්ඤා කරලක් පත්තු වුවද අධිකරණයේ ආරක්ෂාව භාරව සිටින හා එහි සිටින ආරක්ෂක අංශ ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, එහෙත් එම අවධානය මෙම සිදුවීමේදී යොමු වී ඇත්තේ ඝාතකයා පලා යෑමෙන් පසු බවත් ඔහු අවධාරණය කරයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් නීතීඥ සේනක පෙරේරා මහතා අදහස් පළ කළ වීඩියෝවක් පහතින්.

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය ගැන ඇහෙන අලුත්ම පුවත! තොරතුරු දුන්නොත් මුදල් තෑගි!!!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය ගැන ඇහෙන අලුත්ම පුවත! තොරතුරු දුන්නොත් මුදල් තෑගි!!!

අනුරගේ ලොකුම සතුරා අනුරමයි!

අනුරගේ ලොකුම සතුරා අනුරමයි!


ReeCha