ගම්පහ ප්‍රදේශවාසීන්ට විශේෂ දැනුම්දීමක්

Report

ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයකට හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සැලසුම් කර ඇත.

එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීමේ සහ විෂබීජහරණ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව සඳහන් වේ.

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

ඒ අනුව, හෙට (11) පෙරවරු 10:00 සිට පස්වරු 8:00 දක්වා පැය 10ක කාලයක් රණ්පොකුණගම, බටලිය, අත්තනගල්ල, පස්යාල සහ නිට්ටඹුව යන ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.

මෙම ජල කප්පාදුව හේතුවෙන් නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණගම, රණ්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මිවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කලල්පිටිය සහ ඇල්ලමුල්ල යන ප්‍රදේශවල ජල සැපයුම විසන්දි වන බව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වනෝද්‍යාන නැරඹීම සඳහා අද සිට ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර

වනෝද්‍යාන නැරඹීම සඳහා අද සිට ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර

දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව මාර්ග නාම පුවරු සඳහා SPA අනුග්‍රහය..

දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව මාර්ග නාම පුවරු සඳහා SPA අනුග්‍රහය..