දියණියට අතවර කල පියා උසාවියට බියේ දිවි නසා ගනී

By Wasantha Jul 21, 2021 04:35 AM GMT
Wasantha

Wasantha

Report

දෙමවුපියන්ගේ ආරවුලක් හේතුවෙන් සිය මිත්තණියගේ රැකවරණ මැද කල්ගෙවූ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ එම දැරියගේ පියා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට ඇති බිය හේතුවෙන් දිවි නසාගත් පුවතක් නයිවල ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

වසර තුන හතරක කාලයක පටන් සිය පියා විසින් තමාට ලිංගික අතර කරන බව දැරිය විසින් සිය මවට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත.

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ එම ඒකකයේ නිලධාරිනියන් විසින් සැකකාර 46 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර පොලිස් ඇප මත මුදාහැර ඇත.

අනතුරුව නිවසට පැමිණි සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් වීමට ඇති බිය හේතුවෙන් නියඟලා අල ආහාරයට ගෙන සිය දිවි හානිකර ගෙන ඇත.

ReeCha