අම්මා තාත්තා වැරදි දෙයක් කළත් වැරදි දේ වැරදියි - ප්‍රභලයෙකු කියයි

Government politics Udaya gammanpila
By Sithumi Oct 26, 2021 05:32 PM GMT
Sithumi

Sithumi

Report

ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ 11 සහ යුගදනවි බලාගාර ගිවිසුමට විරුද්ධ වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් අද (26) බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි. 

අමාත්‍ය විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ 11ක් එම අවස්ථාවට එක්වුණි. 

 මේ අතර එම සාකච්ඡාව සඳහා ඛනිජ තෙල්, විදුලිබල, වරාය හා සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගී වී සිටියේය. මෙහිදී කෙරවලපිටිය බලාගාරයේ කොටස් විකිණීම සහ LNG සැපයුම අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බව වාර්තා වෙයි. 

එම සාකච්ඡාවට එක්වීමන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, 

ප්‍රශ්නය - ඔබතුමාලාම බලයට ගෙනාපු කණ්ඩායමට එරෙහිව තමයි ඔබතුමන්ලා මේ ? අමාත්‍ය උදය ගම්මන්පිල මහතා - අපේ අම්මා තාත්තා වැරදි දෙයක් කරත් වැරදිනම් ඒක වැරදි.

ප්‍රශ්නය - 29 වනදා ජාතික සභාව කියලා ඔබතුමාලා රැස්වීම කරනවාද ?

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා - අනිවාර්යෙන්ම ඔව්.

ප්‍රශ්නය - ජාතික සභාව ඇතුලේ වෙන්නේ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක්ද ?

ආණ්ඩු හරි මඟට ගැනීමේ වැඩපිළිවෙලක් ද ?

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා - ලිහන්න තිබෙන මල්ල ඔබා බලනු කුමකටදැයි. 

 ප්‍රශ්නය - ඒකාධිකාරයක් හැටියට ක්‍රියාත්මක වුණොත් බලාගාරය ගැන ඔයගොල්ලොන්ගේ අදහස් වැඩක් නැහැ කියලා. ආණ්ඩුව සමග ඉන්නවාද ? නැද්ද ? 

  අමාත්‍ය උදය ගම්මන්පිල මහතා - මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩ ගහන්නෙත් නැහැ. සටහන්වල සැලසුම් ප්‍රසිද්ධියේ කියන්නෙත් නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now