18 වන දා දක්වා .. විදුලි කප්පාදුව පිළිබඳ අමාත්‍යවරයාගෙන් තීරණයක් (VIDEO)
sri lanka
Power cut
Gamini lokuge
By Sithumi
ලබන 18 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000ක් ලබාදීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. "අපිට මෙට්‍රික් ටොන් 3,000ක් කැලණිතිස්ස බලාගාරයට ලැබිලා තියෙනවා දැවි තෙල්. ඒ අනුව අපිට පුළුවන් 18 වැනිදා තෙක් විදුලිය විසන්ධියකින් තොරව යන්න.
නමුත් අපි හෙට බලාපොරොත්තු වෙනවා ඛනිජතෙල් සංස්ථාවත් එක්ක නැවත සාකච්ඡා කරන්න. අපිට 22 වෙනකම් අවශ්‍ය තෙල් ටික ලබා දෙන්න කියලා. මොකද අපි වාර්ෂිකව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය තෙල් සංස්ථාවට දන්වනවා"
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |