තවත් මන්ත්‍රීවරු තිදෙනෙකුගෙන් CID ය හදිසියේම ප්‍රකාශ ගනී..!
By Sewvandhi
මැයි 09 වැනිදා ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.
මේ අතර, ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇතිවූ
සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අට දෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |