සජිත්ගේ ප්‍රකාශයට ගාල්ල රෝහලෙන් පිළිතුරු -හෘද රෝගීන් සඳහා ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ හා ස්ටෙන්ට් ප්‍රතිකාර සාමාන්‍ය පරිදි නවතම නිවේදනය මෙන්න
මාධ්‍යවල ඵල වූ ස්ටෙන්ට් හිගයෙන් රෝගීන්ගේ ජීවිත අනතුරේ යනුවෙන් ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් ගාල්ල ජාතික රෝහල විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව, ගාල්ල ජාතික රෝහල තුළ හෘද රෝගීන් සඳහා ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ හා ස්ටෙන්ට් ප්‍රතිකාර සාමාන්‍ය පරිදි සිදු කරනු ලබයි
මේ සඳහා අවශ්‍ය stent රෝහල සතුව පවතින බව වාර්තා වේ.
එම ප්‍රකාශයේ සඳහන් pre-dilatation and post dilatation balloon අවශ්‍ය ප්‍රමාණයත් රෝහල සතුව පවතී අනෙකුත් උපකරණවලද ගැටළුවක් නොමැති බව සදහන් වේ.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තවත් නව Angiogram යන්ත්‍රයක් රෝහල වෙත සපයා ඇති අතර එහි සවිකිරීම් කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බව වාර්තා වේ.
ඒ වගේම මීට අමතරව මේ වසර තුළ ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකය සඳහා නවීන Linear accelerator යන්ත්‍රයක් හා Brachytherapy යන්ත්‍රයක්, Mammogram යන්ත්‍රයක් හා CT Scan යන්ත්‍රයක්ද ලබා දීමට නියමිතව ඇති බවයි වාර්තා වේ .
තවද ගාල්ල ජාතික රෝල වෙත දෙවන MRI ස්කෑනර් යන්ත්‍රය මිලදී ගැනීමේ කටයුතු දැනට සිදු වෙමින් පවතින අතර, දකුණු පළාතේ ආඝාත රෝගී ප්‍රතිකාර (stroke) වැඩි දියුණු කිරිම සඳහා DSA යන්ත්‍රයක් මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඉහත ප්‍රකාශය රෝහල වෙතින් විධිමත් කරුණු විමසීමකින් තොරව සිදු කර ඇති ප්‍රකාශයක් බව සඳහන් වේ.