ගල්කිස්ස ඝාතනයට 28 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

Report

මැයි 05 වැනි දින ගල්කිස්ස - සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දීමේ චෝදනාවට අද (21) 28 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ සැකකාරිය දෙහිවල - ඕබන් ප්‍රදේශයේ දී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද බවයි.

අන්තර්ජාලයේ වැරදි කරොත් වැඩ වරදී...

අන්තර්ජාලයේ වැරදි කරොත් වැඩ වරදී...

ඇය එම ප්‍රදේශයේ ම පදිංචිකාරිණියක්.

මේ දක්වා මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රූපවාහිනි සංස්ථාවේ උණුසුම් තත්ත්වයක් (PHOTO) (VIDEO)

රූපවාහිනි සංස්ථාවේ උණුසුම් තත්ත්වයක් (PHOTO) (VIDEO)