ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට අධිකරණය දුන් තීන්දුව..!

By Sewvandhi Jun 07, 2023 01:29 PM GMT
Report

කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට ඇප ලබාදී තිබේ.

මන්ත්‍රීවරයාව අද උදෑසන මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථානවල නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනිණි.

පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා විය.

ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද නියෝග කළේය.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now