යකඩයේ මිල පහළට. - ජපානයට සිනහ පාඨමාලා.(VIDEO)

Sri Lanka Japan Fire Accident Weather
By Wayomi Jun 07, 2023 05:31 AM GMT
Wayomi

Wayomi

Report

සිරස්තල

- යකඩයේ මිල පහළට

- අවන්හලේ ඇති වූ ගින්නකින් සිව් දෙනෙකුට තුවාල

- පුද්ගලයෙකුට මරු කැඳවූ රිය අනතුර

- ජපානයට සිනහ පාඨමාලා

- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි


පුවත් කෙටියෙන්

? වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වනවිට සියයට 50 කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.එසේම ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ඊට ප්‍රධාන හේතුව බව මෙල්වා සමාගමේ අධ්‍යක්ෂක මහින්දරත්න ප්‍රකාශ කර තිබුණා.

? මහනුවර දෙල්තොට ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් පුද්ලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.පොලීසිය සඳහන් කළේ අදාළ අවන්හලේ ආහාර පිසිමින් සිටියදී කවරම ගින්න හටගත් බවයි.පසුව එම ගින්න නිවීමට උත්සහ කිරීමේදී එහි සේවකයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.පසුව ඔවුන්ව රෝහල් ගත කර ඇති අතර රෝහල් ආරංචි මාර්ග වාර්තා කලේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

? බදුල්ල මහියංගනය මාර්ගයේ බදුල්ල සිට මහියංගනය දෙසට ධාවනය වූ ලංගම බස්රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා.ඊයේ සිදු වූ එම අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ බතලයාය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.පොලීසිය විසින් බස් රථ රියැදුරාව අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

? ජපාන පුරවැසියන් හට සිනහවීම පුරුදු කරවීම සඳහා එරට විසින් සිනහා පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.කොවිඩ් වසංගතය හමුවේ එරට පුරවැසියන් මුව ආවරණ පැළඳගෙන සිටි අතර එම කාලය තුල සිනහා නොවීම හේතුවෙන් මුහුණේ මාංශ පේශිවල සිදුව ඇති අහිතකර බලපෑම් අවම කිරීමට මෙලෙස පාඨමාලා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

? බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW