විභාග දෙපාර්තමෙන්තුවෙන් කළ ඉල්ලීම. - ඖෂධ මිල පහළට. (VIDEO)
සිරස්තල
- විභාග දෙපාර්තමෙන්තුවෙන් කළ ඉල්ලීම
- දියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ජනපතිගෙන් නව පත්වීම්
- ඖෂධ මිල පහළට
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
පුවත් කෙටියෙන්
? සාමාන්‍ය පෙළ විභාගය පවත්වා අවසන් වන තෙක් සිසුන් අපහසුතාවයට පත්වන කිසිඳු විරෝධතාවයක නිරත නොවන ලෙස විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර සියලු පාර්ශවයන්ගෙන් ඊයේ ඉල්ලා සිටියා.එසේම ලබන 8වනදා විභාගය අවසන් වීමට නියමිත අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල ඇතුළු පාර්ශව කිහිපයක් මේ සතියේ විරෝධතා දක්වන බවට දැනුම් දී ඇතයි දැනගැනීමට ලැබුණු බව පවසන විභාග කොමසාරිස්වරයා විභාගය අවසන් වන තෙක් එවැනි කටයුතු වල නොයෙදෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
? හලාවත-දැදුරුඔය පාලම අසළ දිය නාමින් සිටි පුද්ගලයෙකු ඊයේ දියේ ගිලි මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ පානදුර පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.මෙම පුද්ගලයා විනෝද චාරිකාවක් සඳහා ගොස් නව පැමිණෙන අතරතුර මෙම ස්ථානයේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.දියේ ගිලීමෙන් බරපතළ තත්වයෙන් පසුවූ මෙම පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව හලාවත පොලීසිය වාර්තා කර තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
? ජනපති රනිල් වික්‍රමසිංහ විසින් නව පත්වීම් කිහිපයක් පත්කර තිබෙනවා. ඒ අනුව දිසා විනිසුරුවන් වන t .ප්‍රභාකරන්,P .K පරණගමගේ පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි K ජයතිලක යන පිරිස මාහාධිකරණ විනිසුරුවන් ලෙස පත් කර ඇති බව වාර්තා වුණා
? ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වනදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර තිබෙනවා.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජුනි 15 සිට ඖෂධ මිල සියයට 16කින් අඩුකරන බවයි
? බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |