ජෙරොම් ගොනුකළ පෙත්සම කල්යයි.- මහලෙන් වැටි මියගිය විදේශිකයා .(VIDEO)
සිරස්තල
- ජෙරොම් ගොනුකළ පෙත්සම කල්යයි.
- මහලෙන් වැටි මියගිය විදේශිකයා .
- දිය නෑමට ගිය අයෙකු අතුරුදහන්.
- ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට දඩයක්.
පුවත් කෙටියෙන්
? තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කල පෙත්සම ජුලි 28 වෙනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණයනියෝග කර තිබෙනවා.එසේම මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයහමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම තීරණය ලබාදී තිබෙනවා.
? කොම්පඤ්ඤවීදියයූනියන් පෙදෙසේ ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8වෙනි මහලින් වැටී චීන ජාතිකයෙකු මියගොස් තිබෙනවා.මෙම චීන ජාතිකයා 24 හැවිරිදි අයෙකු බවත් ඔහු එම ගොඩනැගිල්ලේ ස්කහකාර ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කල අයෙකු බවත් කොම්පඤ්ඤවීදිය පොලීසිය අනාවරණය කර තිබෙනවා.සිද්ධියෙන් බරපතළ තුවාළ ලැබූ පුද්ගලයා රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් ඇති බව වාර්තා වුණා.
? ඊයේ මීගමුව මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වී තිබෙනවා.මෙලෙස අතුරුදහන්ව ඇත්තේ වැඩුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි. ඒ අනුව මිගමුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව මීගමුව පොලිසිය ප්‍රකාශ කර තිබුණා.
? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් පනවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව සිකුරාදා හම්බන්තොටදී පැවති පළමු එක්දින තරඟයේදී මන්දගාමී ඕවර පවත්වාගෙන යාම හේතුවෙනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |