මල්වර මගුලෙන් කොරෝනා පොකුරක් විහිද යයි..ප්‍රදේශයක්ම නිරෝධායනය කෙරේ.

Covid Corona Payagala Big girl party
By Aruna Aug 01, 2021 06:15 AM GMT
Aruna

Aruna

Report

පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ පැවැත්වූ මල්වර උත්සවයක් සඳහා සහභාගී වූ බව පැවසෙන පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව වාර්තා වෙයි.

මොවුන් පසුගිය 24 වන දා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක දී උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබූ අතර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත්ව නවතා දමා තිබුණි.

එදින උත්සවය සුදානම් කර තිබූ මොහොතේ පුද්ගලයින් 35දෙනෙක් එම නිවසට පැමිණ තිබුන බව වාර්තා වී ඇත.

අනතුරුව උත්සවය නවතා දැමීම හේතුවෙන් පිසූ ආහාර නිවැසියා විසින් උත්සවයට ආරාධනා කරන ලද නිවෙස්වලට පාර්සල් කර ගෙන ගොස් දී ඇත.

අනතුරුව පසුගිය ජූලි 26 වන දා එම නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයෙකුට ඇති වු රෝගී තත්ත්වය මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව ඔහු කොරෝනා ආසදිතයෙක් බව තහවුරු වී තිබේ.

ඒ අනුව කළ කොවිඩ් පරීක්ෂණ වලදී 23දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනින.

පසුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 212දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ගොරකදෙණිය ලංකාරාම විහාරස්ථානයේ දී ඊයේ (31) සිදුකර තිබෙන අතර ඉන් 62ක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ආසාදිතයින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිත අතර ප්‍රදේශයේ පවුල් 40කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනට ලක්කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now