සැපයුම්කරුවන් මෙරටට ඉන්ධන සැපයීම් කොන්ත්‍රාත් අවලංගු කරයි.

Sri Lanka Cabinet Government Of Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Wayomi Aug 13, 2022 05:49 AM GMT
Wayomi

Wayomi

Report

සමහර සැපයුම්කරුවන් ඉන්ධන සැපයීම් කොන්ත්‍රාත් අවලංගු කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඒ, ඉන්ධන සැපයුම්කරුවන් 7 දෙනෙකුට ඇමරිකානු ඩොලර් කෝටි 70ක පමණ මුදලක් හිඟ ණය වශයෙන් ගෙවීමට සිදු වී තිබීමයි.

එමෙන්ම නැව් සමාගම් නැව් දීමට අකමැත්ත පළ කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.

ඊට හේතුව වී ඇත්තේ මුදල් ගෙවීමට නොහැකිව, ජල තීරය දිගු කාලයක් ඉන්ධන නැව් රඳවා තබා ගැනීමට සිදු වීමයි.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මේ තත්වය හමුවේ ,අලුත් සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගැනීමට සිදු වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW