තෙල් තියන්නේ අගෝස්තු වෙනතුරු - බලශක්ති ඇමති

Fuel Price In Sri Lanka Liquefied Petroleum Gas Fuel Price In World Latest Headlines Sinhala news
By Shehan Jun 20, 2025 05:39 AM GMT
Shehan

Shehan

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉදිරි මාස දෙකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ඔහු පැවසුවේ, ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි යන බියෙන් පාරිභෝගික ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

“මේ වන විට රට තුළ 2025 අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග පවතිනවා. සැපයුම්කරුවන්ගෙන් ඇණවුම් කරන ලද ඉන්ධන තොග ලැබෙමින් තිබෙනවා. ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන සැපයීමේ බාධාවක් හෝ අඩාල වීමක් ගැන කිසිදු දැනුම්දීමක් අපට ලැබී නැහැ,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

අගමැති වෙනස් වෙයිද ? හරිනිගෙන් පිළිතුරු

අගමැති වෙනස් වෙයිද ? හරිනිගෙන් පිළිතුරු

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ 2025 දෙසැම්බර් දක්වා බොරතෙල් සංචිත පවතින බවත්, වගකිව යුතු රජයක් ලෙස පූර්ව සූදානමකින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවට ලැබෙන බොරතෙල් හා පිරිපහදු කළ ඉන්ධනවලින් 95%කට ආසන්න ප්‍රමාණයක් සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව වැනි යුදමය කලාපයෙන් පිටත රටවලින් ලැබෙනවා. එමනිසා, ඉන්ධන සැපයුමේ බාධාවක් ඇතිවීමට ඉඩක් නැහැ. රජයක් ලෙස අපි වගකීමෙන් ප්‍රකාශ කරනවා, කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව,” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

සිංහල සහ දමිළ පහළ භාෂාවන්ද? අධිකරණ ඇමති කියන කතාව

සිංහල සහ දමිළ පහළ භාෂාවන්ද? අධිකරණ ඇමති කියන කතාව

අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කිරීමෙන් බෙදාහැරීමේ හා කළමනාකරණයේ ගැටලු ඇතිවිය හැකි බවත්, බුලත් හා බැරල්වලට ඉන්ධන ලබාදීම තහනම් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය. එසේ තහනම් ලෙස ඉන්ධන රැස්කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඔහු සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අමතරව, සයිනොපෙක්, ඉන්දීය තෙල් සමාගම (IOC), සහ ෂෙල් ආයතනවලට අවශ්‍ය ඉන්ධන තොග පවතින බවත්, ඒවා බෙදාහැරීමේ කිසිදු බාධාවක් නොමැති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමෙන් වැළකී, ඉන්ධන භාවිතය සාමාන්‍ය ලෙස සිදුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අවසානයේ සඳහන් කළේය.

ReeCha