පාතාල ගේම් එක පිටුපස සිටියේ ‘කුඩු රොෂාන්’? වත්තල වෙඩි තැබීමේ සියලු තොරතුරු මෙන්න

By Kanchana Jul 24, 2026 03:08 AM GMT
Report

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව ඇත උත්සව ශාලාවක පැවති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු කර ඇති බව පොලීසිය සදහන් කරයි.

   මිනීමැරීම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන 'මට්ටක්කුලියේ කුඩු රොශාන්' නැමැත්තා ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

රොශාන් නැමැත්තාගේ සහෝදරයකුගේ දරුවකුගේ උපන්දින සාදයක් අතරතුර ඊයේ රාත්‍රී 9.40ට පමණ මෝටර් රථයකින් පැමිණි අයෙක් හිස් වැසුමක් පැළද එම උත්සව ශාලාව තුළටම ගොස් අදාළ පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

  කෙසේවෙතත් ඉලක්කය වැරදීමෙන් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ රොශාන් නැමැත්තා අසල සිටි අයෙකුට බව සදහන් වේ වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සුළු මොහොතකට පෙර තවත් වෙඩිතැබීමක්

සුළු මොහොතකට පෙර තවත් වෙඩිතැබීමක්

  පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතිබව වාර්තා වේ. මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ වත්තල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරනු ලබයි.