පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක් [VIDEO]

Report

පහේ ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

බස් ගාස්තු සංශෝධනය කල් දැමීමට ඉල්ලීම

බස් ගාස්තු සංශෝධනය කල් දැමීමට ඉල්ලීම

2029 වසරෙන් පසු ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේදී සලකා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මේ බව කියා සිටියේය. විභාග පීඩනය අවම කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව මේ වන විටත් සැලැස්මක් සකස් කරමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

එසේම, පාසල් අතර පවතින විෂමතා ක්‍රමානුකූලව ඉවත් කිරීමට සහ ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට ඇතිවන මානසික පීඩනය අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ව්‍යාජ හඬපටවලට රැවටෙන්න එපා - ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ නිවේදනය

ව්‍යාජ හඬපටවලට රැවටෙන්න එපා - ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ නිවේදනය