අද වන විට ඉන්ධන හිගය පහව යයිද...? මෙන්න තෙල් සංස්ථාව කියන දේ...

Sri lankan Fuel shortage Sri lankan sinhala news petroleum corporation Mr. Sumith Wijesinghe
By Subodha Apr 18, 2022 03:39 AM GMT
Subodha

Subodha

Report

දිවයින පුරා පවතින ඉන්ධන හිඟය අද (18) දිනය තුළ යම්තාක් දුරට පාලනය කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිං හ මහතා සඳහන් කළේ , අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සඳහා අවශ්‍ය ටැංකි රථ ප්‍රමාණවත් තරම් නොපැමිණීම ඉන්ධන හිඟයට හේතුවි ඇති බවය.

දෛනිකව ටැංකි රථ 450ක පමණ ප්‍රමාණයකින් ඉන්ධන ප්‍රවාහනය සිදුවන අතර ඊයේ (17) දිනයේ ද ටැංකි රථ 300කට අඩු ප්‍රමාණයක් ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා දායකත්වය ලබා දී තිබු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ව පවසයි. කෙසේ වෙතත් අද දිනයේ සිට සාමාන්‍ය පරිදි ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව සුමිත් විජේසිං හ මහතා සඳහන් කළේ ය.

මේ අතර දිවයිනට ළඟා වී ඇති පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500ක තොගය සඳහා අවශ්‍ය මුදල් ගෙවීම් අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ .

ඒ අනුව ඉදිරි දින දෙක තුළ අදාළ පෙට්‍රල් තොගයද ගොඩ බෑමට කටයුතු කරන බවයි සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now