ඉන්ධන QR ක්‍රමයෙන් ආර්ථික ගැටලු රැසක් - සජිත්ගෙන් රජයට චෝදනා රැසක්

Report

ඉන්ධන සඳහා QR කේතයක් හඳුන්වාදීමෙන් පරිභෝජනය අඩු වීම, කලකිරීම වැඩිවීම සහ ආර්ථික ගැටලු රැසක් අනිවාර්යයෙන්ම නිර්මාණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

කෑගල්ලේ පැවති විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ,

“මේ දැන් නිර්මාණය වෙලා තියෙන අර්බුදයෙන් සමගි ජනබලවේගය පටු වාසි ලබාගන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා දිගින් දිගටම කිව්වා. ඒ වෙලාවේ රජයේ මැති ඇමැතිවරුන් හිනාවෙලා ඒක උපහාසයට ගත්තා.”

ගෙදර ඉඳන් වැඩ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණය

ගෙදර ඉඳන් වැඩ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණය

ඔහු තවදුරටත් සඳහන් කළේ, පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී හෝර්මූස් සමුද්‍ර සන්ධියේ නිර්මාණය වන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තමන් ඉල්ලා සිටි අවස්ථාවේ රජයේ පැත්තෙන් රටේ ගැටලුවක් නැතැයි පැවසූ බවයි.

“ඇත්තටම අපේ රටට ගැටලුවක් නැත්නම් මේ ආකාරයට QR කේත නිකුත් කිරීම අවශ්‍යද? එදා මම මේ ගැන කිව්වාම රජය ඒවා නොසලකා හැරියා. ආණ්ඩුව මේවාට උසුළු විසුළු කරන විට රටේ සුළු පිරිසක් මේවා උපහාසයට නැගුවත්, එසේ උපහාස කර දින 12ක් යන්නටත් පෙර QR කේතය නිකුත් කිරීමට රජයට සිදුවුණා”

යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මුදල් හා වටිනා අවස්ථා ඔබ වෙත ඇදෙන ලග්න ටික මෙන්න

මුදල් හා වටිනා අවස්ථා ඔබ වෙත ඇදෙන ලග්න ටික මෙන්න

කිව් ආර් නැතිව යටින් තෙල් ගැහුවොත් ෂෙඩ්වල බලපත්‍ර කැන්සල් - නව නීතියක්

කිව් ආර් නැතිව යටින් තෙල් ගැහුවොත් ෂෙඩ්වල බලපත්‍ර කැන්සල් - නව නීතියක්