කිව් ආර් නැතිව යටින් තෙල් ගැහුවොත් ෂෙඩ්වල බලපත්‍ර කැන්සල් - නව නීතියක්

Report

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසන්නේ, කීව් ආර් (QR) ක්‍රමවේදය නොසලකා ඉන්ධන නිකුත් කරන සියලුම පිරවුම්හල්වල බලපත්‍ර අවලංගු කරන බවයි.

ඔහු සඳහන් කළේ, පිරවුම්හල්වලට නිකුත් කරන තොග හා QR ක්‍රමවේදය යටතේ නිකුත් කරන ඉන්ධන ප්‍රමාණ අතර වෙනස්කම් පරීක්ෂා කිරීම සඳහා අද (16) සිට විමර්ශන පටන් ගන්නා බවත්ය.

මැදපෙරදිග යුද්ධය අවසන්වන කාලය ගැන දැනුම්දෙයි

මැදපෙරදිග යුද්ධය අවසන්වන කාලය ගැන දැනුම්දෙයි

QR කේතයක් නොමැති වාහන කිසිවකුට ඉන්ධන නිකුත් කිරීමට ඉදිරියට අවසර නොමැති බව ද සභාපතිවරයා පෙන්වා දී ඇත.

මගී ප්‍රවාහන බස් රථවලට ඉන්ධන ලබාදීම ලංකා ගමන මණ්ඩලය හරහා සිදු වන අතර, කෘෂිකර්මික උපකරණවලට අවශ්‍ය ඉන්ධන නිකුත් කරන ආකාරය සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

අද සිට අලුතින් ගෑස් මිලදී ගැනීම,නැවත පිරවීම සම්පූර්ණයෙන් තහනම් - පෙට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අද සිට අලුතින් ගෑස් මිලදී ගැනීම,නැවත පිරවීම සම්පූර්ණයෙන් තහනම් - පෙට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඔහු වැඩිදුරටත් පැවසුවේ, QR කේතය හඳුන්වා දී ඇති බැවින් පෝලිම්වල රස්තියාදු වීම අවශ්‍ය නොවන අතර, පිරවුම්හල්වල සහ වෙබ් අඩවි වල ඇති ගැටළු සියල්ල නිරාකරණය කර ඇති බවත්, ඉන්ධන නිකුත් කිරීම ලබන මාසයේ අවසන් වන තෙක් පවතින තොග අනුව ක්‍රියාත්මක වන බවත්ය.