ඊශ්‍රායල අගනුවර වෙත ඉරානයෙන් පොකුරු මිසයිල ප්‍රහාරයක්
ඉරානය ඊශ්‍රායල අගනුවර වෙත අද පොකුරු මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායලය ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි හා අනෙකුත් ප්‍රධාන නිලධාරීන් ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙසයි මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශක්තිමත් දේශපාලන ක්‍රමයක් පවතින බවත් එය තනි පුද්ගලයෙකු මත රඳා නොපවතින බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පවසනවා.
මෙය ඇමරිකාව හා ඊශ්‍රායලය තේරුම් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඝාතනයන් පාලනයට බාධාවක් නොවන අතර රාජ්‍යය දිගටම ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කොරාම්ෂාර් 4 සහ කදර් මිසයිල ප්‍රහාර මෙම ප්‍රහාරයට ඇතුළත් වූ අතර ඊශ්‍රායල බලධාරීන් පැවසුවේ එම ප්‍රහාර ටෙල් අවිව් හි ජනාකීර්ණ ප්‍රදේශයකට එල්ල වූ අතර පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බවයි.