හොරපාරෙන් තෙල් ගහන අමුතුම ක්‍රමයක් මෙන්න..ආරක්ෂක අංශත් හවුල් වෙයි.(VIDEO)

Sri Lanka Army Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Jul 04, 2022 07:07 AM GMT
Aruna

Aruna

Report

රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිවිල් ජනතාව දින ගණන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීම මේ වන විට සෑම ප්‍රදේශයකම සුලභව දකින්නට ලැබෙන සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

පවතින ඉන්ධන තොග සීමා සහිතව බෙදා හැරීමට රජය විසින් පසුගියදා තීරණය කළ අතර ලංකා IOC සමාගම තමන් සතුව පවතින ඉන්ධන සිය පිරවුම්හල් ඔස්සේ මහජනතාවට නිකුත් කිරීම සිදුකරනු ලබනවා.

එවන් පසුබිමක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විවිධ අවස්ථාවන් වලදී මහජනතාව කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධීන් වාර්තා වීමෙන් පසු ක්‍රමවත් අයුරින් ඉන්ධන බෙදා හැරීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යෙදවීමට රජය පසුගියදා පියවර ගනු ලැබුවා.

මෙවැනි වටපිටාවක් තුළ, කොටහේන IOC ඉන්ධන පිරවුම්හලෙන්ද විශේෂ සිදුවිමක් වාර්තා වනවා.

මේ වන විට එම ඉන්ධන පිරවුම්හලෙහි ටෝකන් ලබාගෙන පෝලිමේ සිටින අයට ඉන්ධන නිකුත් කිරීම සිදු කරන අතර තුරේ, පිරවුම් හල ආසන්නයේ පවතින වාහන සර්විස්(සෝදන)සිදුකරන පුද්ගලික ආයතනයේ සේවකයින් සහ ආරක්ෂ අංශ වල(නාවික හමුදාව) අයද දැනුවත්ව හොර පාරෙන් ඉන්ධන ලබාදෙන බවට වාර්තා වනවා.

මෙලෙස එම වාහන සෝදන(සර්විස්) ආයතනයට පැමිණෙන මුවාවෙන් හොරපාරෙන් සුපිරි වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම, පෝලිම්වල දින ගණන් නොකා නොබී ඉන්ධන ලබාගැනීමට වෙහෙසෙන ජනතාවට දැවැන්ත අසාධාරණයකි.

කනගාටුවට කරුණ නම්, නීතිය ක්‍රියාත්මක කරන ආරක්ෂ අංශ වල සිටින උදවියම අමු අමුවේ නීතිය උල්ලංගනය කරන දිහා බලා සිටිමයි.

මෙවැනි දේ හරහා සිදුවන්නේ, අහිංසක අසරණ ජනතාව තව තවත් කබලෙන් ලිපට ඇද දැමීමක් නොවන්නේද?

ජනාධිපතිතුමනි,පොලිස්තිතුමනි, හමුදාපති තුමනි,මෙවැනි අසාධාරණ සිදුවීම් පිළිබඳව සොයාබලා ඊට අදාලව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න.

එසේ නොවුනහොත් තවත් ජීවිත අකාලයේ මියෙදීම කිසිවෙකුට නතර කළ නොහැක.

මේ අනුව කොටහේන IOC ඉන්ධන පිරවුම්හලෙහි දැන් තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now