පෙට්‍රල් සම්බන්ධයෙන් නොසිතූ ආරංචියක්..හදිසියේම සිදුවූ දේ මෙන්න..

Report

ප්‍රමාණවත් තරම් පෙට‍්‍රල් තොග නොමැති වීම හේතුවෙන් නැවතත් රට තුල උග්‍ර පෙට‍්‍රල් හිගයක් ඇතිවනු ඇතැයි තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් අවධාරණය කරනවා.

ඉන්ධන බෙදාහැරිම අද දිනයේ සිට ආරම්භ කළ ද යළි පෙට්රල් නෞකාවක් මිලදී ගන්නා තෙක් ප්‍රමාණවත් පෙට්රල් නොමැති නිසා මෙම තත්ත්වය ඇතිවන බව ද හෙතෙම සඳහන් කළේය.

දැනට මෙරටට පැමිණ දින කිහිපයක සිට නැංගුරම් ලා ඇති පෙට්රල් නෞකාව නිදහස් කරගැනීමට නොහැකිවීම මෙම පෙට්‍රල් හිගයට ප්‍රධාන හේතු වූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඩීසල් හිඟයද උග්‍ර ලෙස පැවැතියද මේ වන විට ඩීසල් නෞකාවක් මිලදී ගෙන ගොඩබෑමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිටම ආරම්භ කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now