පෙට්‍රල් සහ ඩීසල් වලට වෙච්ච දෙයක්...ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් සිටින්න.

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka
By Aruna May 16, 2022 11:06 PM GMT
Aruna

Aruna

Report

රට තුල පසුගිය දින කිහිපය තුල ඩීසල් හිඟයක් පැවතිය ද ඊයේ(16) සිට ඩීසල් බෙදා හැරීම් ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පවසනවා.

කෙසේ වෙතත්, බෙදා හැරීම් සඳහා පෙට්‍රල් හිඟයක් පවතින බවයි ඔහු කියා සිටියේ.

එවැනි තත්ත්වයක් තුල ජනතාව තවමත් පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැදී සිටින ආකාරයක් දක්නට ලැබෙන අතර, බොහෝ පිරවුම්හල් වල මේ වනවිට පෙට්‍රල් හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පසුගිය දිනවල පිරවුම්හල්වල ඩීසල් නොමැති තත්ත්වයක් පැවතිය ද අද වනවිට එම තත්ත්වය තරමක් දුරට මඟ හැරී ඇති බව සඳහන්.

මේ අතර, හයිලෙවල් මාර්ගය මහරගම නාවින්න ප්‍රදේශයෙන් අවහිර කරමින් ඊයේ පෙරවරුවේ පිරිසක් විරෝධතාවයක නිරත වූයේ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින්.

පසුව පොලීසිය මැදිහත් වී ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළා.

එමෙන්ම, කැස්බෑව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පැය ගණනක් පෝලිම්වල රැදී සිටි පිරිසක් නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.

මේ අතර, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන ප්‍රමාණවත් තොග මෙරටට ලැබෙමින් පවතින බැවින් බෙදා හැරීම් අවසන් වනතෙක් ඉදිරි දින 3 තුල පෝලිම්වල රැදී සිටීමෙන් වළකින ලෙසයි.

මේ අතර, සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ආනයන අපනයන බහාලුම් රථවලට අවශ්‍ය ඩීසල් නොමැති බවයි.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ, ඊයේ දිනයේ ඩීසල් ලැබුණු බැවින් අද(17) සිට බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now