පෙට්‍රල්, ඩීසල් මිල පිළිබඳව විශේෂ දැනුම්දීමක් - මිල සූත්‍රය යටතේ තවත් මිල ඉහළට

Report

ශ්‍රී ලංකාවේ වත්මන් වෙළෙඳපොළේ පවතින පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පිරිවැය ආවරණය කෙරෙන මිල සූත්‍රය යටතේ තිබිය යුතු නියමිත මිලට වඩා තවමත් ඉහළ මට්ටමක පවතින බව පබ්ලික් ෆයිනෑන්ස්  වෙබ් අඩවිය පෙන්වා දෙයි.

මෙම මස සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414 දක්වා පහළ දැමීමට රජය පියවර ගත්ත ද, එය ඉතා සුළු සංශෝධනයක් පමණක් වන බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල ගණන් සමඟ සංසන්දනය කිරීමේදී පිරිවැය ආවරණය වන මිල සූත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක කළේ නම්, මෙරට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 378.71 දක්වා සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට රජයට පූර්ණ හැකියාව තිබූ බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

පබ්ලික් ෆයිනෑන්ස් විශ්ලේෂණයට අනුව, පසුගිය 1 වැනිදා වන විට පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් පාරිභෝගිකයාගෙන් අය කෙරෙන බදු සහනාධාරය රුපියල් 116.16ක් ලෙස සටහන්ව තිබේ.

වෙඩි වැදුණු හිටපු පොලිස්පතිගේ නිවසට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා සහ පොලිස්පති පැමිණෙයි

වෙඩි වැදුණු හිටපු පොලිස්පතිගේ නිවසට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා සහ පොලිස්පති පැමිණෙයි

මෙම මිල විෂමතාව පෙට්‍රල් සඳහා පමණක් නොව ඔටෝ ඩීසල් සඳහා ද එකසේ බලපා ඇති බව පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය අවධාරණය කරයි.

ඒ අනුව, මෑතකදී සිදුකළ මිල සංශෝධනයේදී ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 382 දක්වා පහළ දැමුණත්, එය ද පිරිවැය ආවරණය කෙරෙන මිල සූත්‍රයට අනුව තිබිය යුතු සාධාරණ මිලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී.

අදාළ මිල සූත්‍රය නිසි ලෙස භාවිත කළේ නම් ඔටෝ ඩීසල් ලීටරයක වෙළෙඳපොළ මිල රුපියල් 312.22 දක්වා පහළ දැමීමට ඉඩකඩ තිබූ බව එම විශ්ලේෂණ වාර්තාවේ සඳහන් වේ.

තවද, පසුගිය 1 වැනිදා වන විට ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රජයට හිමිවන බදු සහනාධාරය රුපියල් 17.27ක් බව ද පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.