අධික PAYE බදු බර තවදුරටත් ප්‍රමාද නොකර නිවැරදි කළ යුතුයි" - දේශීය ආදායම් සමුළුවේදී ජනාධිපති ලේකම් කියයි

Report

උපයන විට ගෙවීම හෙවත් PAYE බද්ද හේතුවෙන් මහජනතාව මුහුණ දෙන අධික බදු බරට විසඳුම් ලබාදීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පවතින තත්ත්වය තවදුරටත් ප්‍රමාද නොකර නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනෙකුත් දියුණු රටවල ආදායම් පරිපාලන ආයතනවල මට්ටමට සංවර්ධනය කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වැනි වාර්ෂික මහා සමුළුවට සහභාගී වෙමිනි.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.