ජපානයෙන් ශ්‍රී ලංකාවට පත්ල පහත් මෙට්‍රෝ බස් රථ 7ක් පරිත්‍යාග කෙරේ
ජපන් රජය මඟින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද නව පත්ල පහත් මෙට්‍රෝ බස් රථ 07ක් අද (02) නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදෙන ලදී.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රගමනය සහ පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් මෙම බස් රථ පරිත්‍යාගය සිදු කළ බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
ජපන් රජයේ සහ ජපානයේ යොකොහමා නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ලද මෙම නව බස් රථ 07 ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා මහතා අතින් සිදු විය.
මෙම පහත් පත්ල සහිත නව බස් රථ මඟින් විශේෂයෙන්ම ආබාධිත තැනැත්තන්, ජ්‍යෙෂ්ඨ පෞරෂයන් සහ කුඩා දරුවන්ට වඩාත් පහසුවෙන් සහ ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.