වාර්තාගත ලෙස තෙල් මිල පහළ යයි..එකවරම සිදු වූ දේ මෙන්න..

Fuel Price In Sri Lanka Kanchana Wijesekera Fuel Price In World
By Aruna Mar 23, 2023 03:16 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් පහළ යනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ මෙලෙස විශාල ප්‍රතිශතයකින් එක්වරම ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් ලොවපුරා ජනතාවට ඉන් විශාල සහනයක් ඇතිවනු ඇති බවයි.

මේ අතර එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල සියයට 20ක ප්‍රතිශතයකින් පමණ මෙලෙස පහළ යනු ඇති බවය.

රුසියා-යුක්‍රේන යුද්ධයෙන් පසුව මෙවැනි අගයකින් බොරතෙල් මිල පහළ යනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවද එම වාර්තා පෙන්වා දී තිබේ.

විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ පසුගිය වකවානුවේ බොරතෙල් මිල ඉහළ යාමට රුසියා-යුක්‍රේන යුද්ධය ප්‍රබල සාධකයක් වූ බවයි.

මේ අතර පසුගිය සතිය වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 කට ආසන්න අගයක් දක්වා පහළ වැටී තිබුණා.

2021 වසර වනවිට ඩොලර් 100ක් දක්වා ඉහළගොස් තිබූ බොරතෙල් බැරලයක මිල මේ තරම් අගයකින් පහත වැටී තිබුණේ ද මුල් වරට වීම විශේෂත්වයක්.

මේ අතර ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී මෙරට ජනතාවට දැනෙන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර පැවසුවා.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ අනුව ලෝක වෙළඳ පොළෙහි බොරතෙල් මිල වාර්තාගත ලෙස පහල යමින් ඇති මොහොතක එහි වාසිය මෙරට ජනතාවට ලැබෙන්නේ කවදාද?

ජනතාව මේ ගැන නොඉවසිල්ලෙන් බලාසිටී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.