වැල් පාලමෙන් වැටෙන්න කලින් සාකච්ඡා ඇරඹු ආණ්ඩුව..

Report

ඉන්දියාව සහ පකිස්තානය අතර මේ වන විට ඇතිව ඇති උණුසුම් තත්ත්වය සහ ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය දේශපාලන තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වරායන් සහ ගුවන්තොටුපොළවලට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

මෙම සාකච්ඡාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

ඉන්දු-පකිස්තාන අර්බුදය හේතුවෙන් වරායට අමතර නැව් පැමිණීමට ඉල්ලීම් ලැබී ඇති අතර, ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කිරීමට සහ දැනට සිදුවන මෙහෙයුම්වලට බාධාවක් නොවන ලෙස එම කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ යෝජනා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

වරාය මෙන්ම ගුවන්තොටුපොළ ද ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට සූදානමින් පවත්වාගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, ගෝලීය දේශපාලන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් එය අවස්ථාවක් ලෙස ගනිමින් වරාය සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් කාර්යක්ෂමව සිදුකළ යුතු බවත් ඔහු පැවසීය.

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

වරාය අධිකාරියේ නිලධාරීන්, ගුවන්තොටුපොළ නිලධාරීන්, කොළඹ සහ හම්බන්තොට වරායවල පර්යන්ත භාර නිලධාරීන්, නැව් සමාගම් නියෝජිතයන් සහ රේගු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.