වෙසක් බලන්න ගිය ලොරි රථයක් අනතුරට ලක් වෙයි.
By Hashini
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල රෝහල ආසන්නයේ අද අනතුරක් සිදුව තිබෙනවා.
ඒ ලොරි රථයක් යතුරු පැදියක ගැටී ගසක හැපීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.
ඉන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා මාරවිල මුලික රිහලට ඇතුලත් කර තිබෙනවා.
අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුර සිදුව තිබෙන අතර තුවාලකරුවන් අතර කුඩා දරුවන්ද සිටින බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ආනමඩුව තෝනිගල සිට කොළඹ වෙසක් බැලීමට පැමිණි පිරිසකි.
මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.